පිලිප් ගුණවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලය – හංවැල්ල

පුස්තකාල තොරතුරු

හැඳින්වීම

පිලිප් ගුණවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලය – හංවැල්ල

පුස්තකාලයේ නම                   :-       පිලිප් ගුණවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලය

මැතිවරණ කොට්ඨාශය             :-       අවිස්සාවේල්ල

අදායම් බල ප්‍රදේශය                :-       හංවැල්ල

මව් ආයතනය                         :-       සීතාවක ප්‍රාදේශීය සභාව

පුස්තකාලය ආරම්භක වර්ෂය    :-       1993-11-01

පුස්තකාල සම්පත්                    :-   පුස්තකාලයේ පොත් එකතුව සඳහා පොත්  12637

(දැනුම අඩංගු මාධ්‍යය)                            (සිංහල, ඉංග්‍රීසි, දෙමළ)

  • කාලීන සඟරා
  • Time
  • NEWS WEEK
  • READER’S DIGEST
  • පරිගණක
  • ක්‍රීඩා
  • මනහර
  • නව යුගය

  දිනපතා පුවත්පත්

 සිංහල  :-

  • දිණමිණ
  • දිවයින
  • ලංකාදීප
  • ලක්බිම

ඉංග්‍රීසී :-                    Daly news

Daly Mirror

Island

දෙමළ   :-                 තිනකරන්

 

සති අන්ත පුවත්පත්

           සිංහල  :-          සිළුමිණ

දිවයින

ලංකාදීප

ලක්බිම

රාවය

රිවිර

ඉංග්‍රීසී :-        Sunday Observer

Sunday Times

Sunday Island

දෙමළ   :-     ඉරිදා තිනකරන්

      සතිපතා කාන්තා පුවත්පත්

                   නවලිය

සිරිකත

තරුණි

  සතිපතා ළමා පුවත්පත්

                     විජය

මිහිර

  සතිපතා කලා පුවත්පත්

           සරසවිය

  සතිපතා ආගමික පුවත්පත්

           බුදුසරණ

  සතිපතා ජෝතිශ්‍ය පුවත්පත්

           සුභසෙත

 

පුස්තකාල සම්පත් සංවිධානය       :-      සීතාවක යුගය පිළිබඳ ලියවුනු පොත් එකතුවක් ඇත.      

පුස්තකාල සම්පත් සංවිධානය          :-          සියළුම පුස්තකාල පොත් පුස්තකල විද්‍යානුකුලව ඩිවිදශම      වර්ගීකරණයට අනුව වර්ගකොට රාක්ක ගත කොට ඇත.

බ්‍රවුන්ක්‍රමය යටතේ පොත් සංසරණය කරනු ලබයි.

                                                  ප්‍රලේඛණ සේවා යටතේ පහත සඳහන් පුවත්පත් ලිපි එකතුවක් ඇත.

  • ප්‍රාදේශීය තොරතුරු ලිපි එකතුව
  • සූප ශාස්ත්‍ර
  • දේශපාලන තොරතුරු එකතුව
  • ශ්‍රී ලංකා පරිපාලන සේවා විවෘත තරග විභාගය
  • සීතාවක ප්‍රාදේශීය සභා වාර්තා
  • මැහුම් ගෙතුම් තොරතුරු එකතුව
  • පෙර පාසැල් සංවර්ධනය
  • ජෛව විවධත්ව තොරතුරු
  • පරිසර ගෙවතු අලංකාරය තොරතුරු
  • වාස්තු විද්‍යා තොරතුරු
  • සීතාවක උරුමය
  • දැනුම වැඩුම ප්‍රශ්නෝත්තර

ප්‍රධාන අංශ හා සේවා                       :-      

  • බැහැරදීමේ අංශය
  • විමර්ශන අංශය
  • ළමා අංශය
  • පුවත්පත් හා වාර සඟරා කියවීම් අංශය
  • අධ්‍යයන අංශය
  • විශේෂිත එකතු, ප්‍රාදේශීය එකතු
  • ජංගම පුස්තකාල සේවා

                                                      ජංගම පුස්තකාල සේවා යටතේ හංවැල්ල මහජන    පුස්තකාලය මගින් ජයවීරගොඩ ප්‍රදේශය සදහා ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ මසකට වරක් ජංගම පුස්තකාල සේවයක් පවත්වාගෙනු යනු ලැබේ.  එහිදි දහම් පාසැල් දරුවන්ට අමතරව ප්‍රදේශයේ වැඩිහිටි පාඨක ජනතාවද පොත් බැහැරගෙන යනු ලැබේ.

පුස්තකාලය හදුන්වා දීමේ වැඩසටහන් :-

 

   වාර්ෂික අන්තර් පාසැල් දැනුම මිනුම තරඟය

   වාර්ෂික අන්තර් පුස්තකාල දැනුම මිනුම තරඟ පැවැත්වීම.

 පුස්තකාල සාමාජිකයින් සදහා වාර්ෂිකව සාහිත්‍ය මාසය වෙනුවෙන් පවත්වනු ලබන සාහිත්‍ය තරග සංවිධානය කර පැවැත්වීම

  • පද්‍ය රචනා
  • ගද්‍ය රචනා
  • පද්‍ය ගායනා
  • චිත්‍ර
  • කථික
  • අත් අකුරු
  • කෙටි නාට්‍ය

ආදිය පවත්වා ත්‍යාග , සහතික පත්‍ර හා සම්මාන ලබා දීම.

  වාර්ෂිකව ජාතික කියවීමේ මාසය නිමිත්තෙන් පොත් ප්‍රදර්ශන සහ අලෙවි සැල් පවත්වා එමගින් පොත් පරිත්‍යාග ලබා ගැනීමත් පොත් එකතුව වර්ධනය කර ගැනීමත් සිදු කරනු ලැබේ.

    ප්‍රාථමික සිසුන් සදහා අන්තර් පාසැල් චිත්‍ර තරඟ පවත්වා ත්‍යාග සහතික පත් ලබා දීම.

  රජයේ ගැසට් පත්‍රය හා පුවත්පත්වල පලවන තනතුරු ඇබෑර්තු  යාවත්කාලීනව සටහන් කරන වයිට් බෝඩ් එකක් පවත්වාගෙන යාම.

පාඨක සංඛ්‍යාව                      :-              මුළු පාඨක සංඛ්‍යාව      –   3276

  • වැඩිහිටි පාඨක සංඛ්‍යාව –   2562
  • ළමා පාඨක සංඛ්‍යාව –   714

 

සාමාජිකත්වය ලබා ගැනීම    :-      හංවැල්ල උප කාර්යාල බල ප්‍රදේශයේ ස්ථිර පදිංචි / රජයේ රැකියාවක නියතු / පාසැලක අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආදීන් සඳහා සාමාජිකත්වය ලබා ගැනීමට සුදුසු වේ.

                                                    ආදර්ශ අයදුම් පත්

ළමා/වැඩිහිටි අයදුම්පත්‍ර පුස්තකාලයට පැමිණ හෝ අන්තර් ජාලය (භාගත කිරිම්) මගින් ලබා ගත හැකිය.

   සමාජික ගාස්තු

  • වැඩිහිටි –    රු. 51.00
  • ළමා –     රු. 30.60

                                                 සාමාජිකත්වය ලබා ගැනීමට ඇපකරු නොමැති අවස්ථා ඒ වෙනුවට මුදල් තැන්පත් වශයෙන්

ළමා සාමාජිකයෙකුට  රු.      500/-ක්ද,

වැඩිහිටි සාමාජිකයකුට රු. 1000/- ක් ද,

ගෙවා සාමාජිකත්වය ලබා ගත හැක.

සාමාජිකයින් පිළි පැදිය යුතු පොදු නීතී රීති

  

                                                     පුස්තකාලයට අයත් ව්‍යවස්ථාව

                                                                                     වර්ග අංකය …………….. ප්‍රවේශ අංකය ………..

පිලිප් ගුණවර්ධන අනුස්මරණ මහජන   පුස්තකාලය

ව්‍යවස්ථා හා රෙගුලාසි සම්පුර්ණයෙන්ම ඇතුළත්      ලේඛණයන් බලා ගැනීමට පමණක් ලබා ගත හැකිය.

———————————————————-

බාහිර පාඨකයෙකුට ටිකට් පත් දෙකක් දෙනු ලැබේ. මෙයින් එක් වරකට පොත් දෙකක් ලබා ගැනීමේ අයිතිය ඔහුට පැවරේ.

බැහැර දෙන දින සිට දින 14ක් ඇතුලත ගෙන යනු ලබන පොතක් ආපසු භාර දිය යුතුය. දින දාහතරේ කාල සීමාව ඇතුළත යම් පොතක් පුස්තකාලයාධිපතිට ආපසු භාර දීමට සාමාජිකයකු අපොහොසත් වුවහොත් පොත භාර දීම ප්‍රමාද වන එක් එක් දවසකට රු. 1/- බැගින් වු දඩ මුදලක් ගෙවීමට ඔහු බැදී සිටිය යුතුය.

වෙන බාහිර පාඨකයෙකු විසින් ඉල්ලා නැත්නම් බැහැර දෙන ඕනෑම පොතක් පුස්තකලයාධිපතිගේ කැමැත්ත පරිදි තවත් දින 14කට හෝ ඊට අඩු කාලයකට හෝ දික් කරවා ගත හැකිය එසේ දික් කරවා ගැනීම පිණිස පුස්තකාලයට පොත ගෙන ආ යුතුය.

පොත් පත් බැහැර දෙන පුස්තකාලය පු.භා 8.30 සිට අ.භා. 16.15 දක්වා දිනපතා විවෘත කර තිබේ. රජයේ නිවාඩු දිනයන් හි සහ පුස්තකාල  අධිකාරින් තීරණය කර ගන්නා අන් ඕනෑම දිනයක හෝ දිනයන්හි පුස්තකාලය සම්පුර්ණයෙන්ම වසා තබනු ලැබේ.

බාහිර පාඨකයකු විසින් අන් කිසිම  කෙනෙකුට පොත් නොදිය යුතුයි. බෝවන රෝගයකින් පෙලෙන කිසිවෙකු පොත් බැහැර ගෙන නොගිය යුතුයි. බෝවන රෝගයකින් පෙලෙතියි තමන් දන්නා අන් කිසිවෙකුටද පුස්තකාලයේ කිසිම පොතක්  පාවිච්චි කිරිමට ඉඩ නොදිය යුතුයි.

                                                 පොත් බැහැර ගෙනයාමේ කාල සීමාව දින 14 කි.

                                                 ඊට වැඩි සෑම දිනක් සඳහාම දඩ මුදල් අය කර ගැනීම පහත ආකාරයට වේ.

                                                                                                  රු.       ශත

ළමා අංශය ප්‍රමාද ගස්තුව දිනකට                                                                 .50

වැඩිහිටි අංශය ප්‍රමාද ගස්තුව දිනකට                                                  1         .00

  දින 01 සිට 30 දක්වා පොතකට ප්‍රමාද ගාස්තු ඉහත සදහන් මුදල දින ගණනට අය කෙරේ.

                                                      දින 31 – 90 දක්වා 1 පොතකට     රු.   40/- ක්ද,

                                                     දින 91 – 180 දක්වා 1 පොතකට   රු.   80/- ක්ද

දින180 ට වැඩි පොතකට    රු. 100/- ක්ද

පුස්තකාල කළමනාකාරීත්වය    :-    දැනට තුන්වන ‍ශ්‍රේණියේ පුස්තකාලයක සිටින කාර්ය මණ්ඩලය

  • පුස්තකාලයාධිපති –  01
  • පුස්තකාල සහයක   – 01
  • පුස්තකාල කම්කරු – 01
  • ආදේශක කම්කරු –  01

                                               පුස්තකාල වේලාව

  • පෙ:ව 8.00 සිට
  • ප:ව 45  දක්වා

සතියේ දින හතම (රජයේ නිවාඩු දින හැර) විවෘත කර තබා ඇත.

පුස්තකාල කමිටු                      :-    වර්ෂ ගණනාවක සිට ඉතා ක්‍රියාශිලි පාඨක සමාජයක් ඇත. එමගින් සාහිත්‍ය උත්සව විවිධ තරඟ, දේශන හා පොත් ප්‍රදර්ශන පැවැත්වීම.

සංඛ්‍යා ලේඛනාත්මක තොරතුරු :- 

                                                     පුස්තකාලයට අදාල සියළු අංශයන් පිළිබදව සංඛ්‍යා ලේඛණ ගොනු පවත්වාගෙන යනු ලැබේ.

පොත් ඉවත් කිරිම                :-      මේ යටතේ වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයේ නිර්දේශය මත පොත් ඉවත් කිරිම් කටයුතු සිදු කරනු ලබයි.

සංඛ්‍යාන තොරතුරු

සංඛ්‍යාන තොරතුරු

පිලිප් ගුණවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලය – හංවැල්ල

2019 – වැඩ සටහන්

පාසැල් සිසුන් සඳහා සිංහල භාෂා විෂය සම්මන්ත්‍රණය

මාර්තු 02 ජාතික සිංහල භාෂා දිනයට සමගාමීව ගරු සභාපති ජයන්ත රෝහණ මැතිතුමාගේ සංකල්පයකට අනුව 2019.03.27 දින වග ශ්‍රී රතනසාර මහා විද්‍යාලයේ දී සිංහල භාෂාව සම්බන්ධ දේශනයක් 2019 සාමාන්‍ය පෙල විභාගය සඳහා පෙනී සිටින පාසල් සිසුන් වෙනුවෙන් පවත්වන ලදී. මෙහි දේශකයා වශයෙන් සහභාගි වූයේ ජාතික රුපවාහිනියේ ජාතික පාසල වැඩසටහනේ දේශක අරුණ වේරගල මහතාය.

කාන්තා දිනයට සමගාමීව බෑග් මැසීමේ වැඩසටහන

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ප්‍රදේශයේ කාන්තාවන් සවිබල ගැන්වීමේ හා ස්වයං රැකියා සඳහා දිරි දීමේ අරමුණින් 2019.03.25 දින බෑග් මැසීමේ වැඩ සටහනක් පවත්වන ලදී.

අවුරුදු කැවිලි වර්ග සෑදීමේ වැඩසටහන

සිංහල අලුත් අවුරුද්ද හා කාන්තාවන් සඳහා ස්වයං රැකියා සඳහා දිරිදීමේ අරමුණින් 2019.04.08 දින දේශීය කැවිලි වර්ග සෑදීමේ වැඩසටහනක් පවත්වන ලදී.

ධර්ම දේශනා වැඩසටහන

පෙර පෝය වැඩ සටහන වෙනුවෙන් සංවිධානය කරන ලද ධර්ම දේශනාව වෙසක්  පෝය වෙනුවෙන් සීතාවක ප්‍රාදේශීය සභාවේ පුස්තකාල විසින් සිදු කරන ලදී. මෙම  ධර්ම දේශනාව  ශ්‍රී සුධර්මාරාමාධිපති දංගල්ලේ මංගල ස්වාමීන් වහන්සේ විසින් 2019.05.21 දින පැවැත් වූ සේක.

පුස්තකාලය නිරික්ණෂණය සඳහා

2019.06.26 දින බත්තරමුල්ල මහජන පුස්තකාලයේ කාර්ය මණ්ඩලය හංවැල්ල මහජන පුස්තකාලයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා පැමිණි අවස්ථාව

ලේඛක හමුව

හංවැල්ල මහජන පුස්තකාලය මගින් සංවිධානය කරන ලද සීතාවක ප්‍රාදේශීය සභාවේ ලේඛක හමුව 2019.07.04 දින පවත්වන ලදී. එහිදී ලේඛක සිරිල් ගාමිණී ජයරත්න මහතා විසින් රචිත කුරුළු ලොවින් ඇමතුමක් නම් පොත සීතාවක ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ජයන්ත රෝහණ මහතාවෙත පිළිගන්වන ලදී.

පෝෂණ වැඩසටහන

සීතාවක ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ජයන්ත රෝහණ මැතිතුමාගේ 2019 අයවැය ප්‍රතිපත්ති මාලාව යටතේ සුරකිමු මාතෘත්වය මාතෘ සායන සංවර්ධන වැඩ සටහන යටතේ හංවැල්ල පිලිප් ගුණවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලය මගින් හංවැල්ල මාතෘ සායනයයේ ගැබිනි මවුවරුන් සඳහා ළදරු  පෝෂණය සම්බන්ධ දේශනයක් සහ පෝෂ්‍යදායී ආහාර වේලක් පිරිනැමීම 2019.07.09 දින සිදු කරන ලදී.

සාහිත්‍ය තරඟ

2019 සාහිත්‍ය මාසය වෙනුවෙන් සංවිධානය කරන ලද සාහිත්‍ය තරග 2019.06.22 දින හංවැල්ල මායාදුන්න මහා විද්‍යාලයේ දී සහ පාදුක්ක සිරි පියරතන කනිෂ්ඨ විද්‍යාලයේ දී සිසුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීය.

පිංතූර එකතුව

විවාද තරඟ

ජංගම පුස්තකාල

                             

පොත් ප්‍රදර්ශනය

අන්තර්ජාල පහසුකම් ලබා දීම