කොස්ගම අයුර්වේද බෙහෙත් ශාලාව

 ආයුර්වේදය පිළිබඳ හැදින්වීම  

රෝගීන්ට ප්‍රතිකාර කිරීම, රෝග වලක්වා ගැනීම පිළිබඳ උපදෙස් දීම, නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන ආකාරය පිළිබඳ දැනුවත් කිරීම, යනාදිය සිදු කරනු ලබයි.

සපයන සේවාවන්

  1. රෝගීන් පරික්ෂා කිරීම,
  2. ඖෂධ ලබා දීම ,
  3. රෝග වලක්වා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දීම,
  4. රෝග නැවත වැලදීම වැලැක්වීමට අවශ්‍ය උපදෙස් ලබා දීම,
  5. යහපත් මානසික තත්වයක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීම.

රෝගීන් පැමිණෙන සංඛ්‍යාව

දිනකට රෝගීන් 50 ක් පමණ

මසකට රෝගීන් 1200 ක් පමණ

ආයුර්වේද කළමනාකාරීත්වය

ආයුර්වේද වෛද්‍ය එස් . ඇලපාත මිය

සේවකයන් සංඛ්‍යාව 02 යි

පවත්වන වැඩසටහන් පිළිබඳ විස්තර

පහසුකම් අඩු ගම්මාන වලට ගොස් ජංගම සායන පැවැත්වීම

ආයුර්වේද ඔසු උයන පිළිබඳ විස්තර

තිබෙන සුළු ඉඩ ප්‍රමාණයේ ඖෂධ වගා කර ඇති අතර එහි

නික,  කොහොඹ,  ඇහැල ,  පාවට්ටා,  හීන් අරත්ත,  කටු කරඩු ,  අවරිය ,  ගොනිකා,  කිරිවැල්, තිරස්සවාලු, කහට , ඇට්ටේරිය,  සැවැන්දරා,  දැත්ත , අඳුකොළ,  ඉඟුරු,  අමුකහ,  ඔළිද , තිප්පිලි,  කොල්ලං, කිරාතතිත්ත,

ආදී ඖෂධ පැල වර්ග වවා ඇත. ඒවා නිසි අයුරින් පවත්වාගෙන යයි.

ආයුර්වේදය පවත්වාගෙන යන දිනයන් සහ වේලාවන්

සතියේ දින ප්‍රතිතකාර කරන ‍වේලාවන්  පෙ.ව.9.30 සිට   ප.ව 3.30 දක්වා

සෙනසුරාදා දිනවල                              පෙ.ව.9.30 සිට   මධ්‍යහන 12.00 තෙක්

ආයුර්වේදය සතු සම්පත්

වෙද නලාව , රුධිර පීඩන මානය, බර කිරන තරාදිය, උන කටුව, බෙහෙත් මනින බීකර් ,    දුරකථනය , විදුලි පංකා