සීතාවක ප්‍රාදේශීය සභා නිදහස් සමරු පෙර පාසල

  • පාදුක්ක –

 ලි.ප. අංකය :- බප/01/හෝ/12/ 280

 ආරම්භය :- (ඉතිහාසය)

1948 අප රටට ලබාදුන් නිදහස වෙනුවෙන් වසර පනහක් ගත විම නිමිත්තෙන් රජය මගින් රට පුරා උත්සව සංවිධානය කරන ලදි.මෙය හදුන්වනු ලැබුවේ “50 වෙනි නිදහස් ස්වර්ණ ජයන්තිය ” නමිනි. පළාත් පාලන දෙපාර්තමේන්තුවේ නියමයෙන් සෑම පළාත් පාලන ආයතනයකම මේ වෙනුවෙන් ව්‍යාපෘතියක් කිරිමට නියම කළ අතර ඒ සඳහා එම දෙපාර්තමේන්තුව මගින් රු.ලක්ෂයක මුදලක් වෙන් කරන ලදි.

එවකට සීතාවක ප්‍රාදේශිය සභාවේ සභාපති මහේෂ් අල්මේදා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා රැස්විමක්මේ සඳහා පවත්වන ලදි. එහිදි උප සභාපති ඩී.ඩී.කරුණාරත්න මැතිතුමාගේ යෝජනාවකට අනුව පාදුක්කේ පෙර පාසලක් ආරම්භ කළ යුතු යයි තීරණය විය. මේ සඳහා සභා අරමුදල්ද රුපියල් ලක්ෂ හතරක් පමණ අතිරේකව වැය කර සාදා විවෘත කළ සීතාවක ප්‍රාදේශිය සභා නිදහස් සමරු පෙර පාසල බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන අතර හොදම ව්‍යාපෘතිය ලෙස පළමු ස්ථානයද හිමිකර ගනිනා ලදි.

පවත්වන දිනයන් හා වේලාවන්

පෙ.ව 8.00 ට පෙර පාසල ආරම්භ වන අතර පෙ.ව 11.00 ට අවසන් වේ.රජයේ පාසල් පවත්වන දිනයන්හි පෙර පාසල පවත්වන අතර පාසල් නිවාඩු දිනයන්හි පෙර පාසලද නිවාඩු දෙනු ලැබේ.

ගුරුවරුන්ගේ කාර්යභාරය :-

 මවිතුරුලෙන් වෙන්වි අප වෙත පියවර තබන දරුවාට ආදරය කරුණාව රැකවරණය ලබාදෙමින් දරුවාගේ සමස්ත සංවර්ධනයට උචිත ක්‍රියාකාරකම් වල යොදවමින් විධිමත්අධ්‍යාපනය වෙත යොමු විමට දරුවා හැඩගැස්සිම සහ විනය ගරුක බුද්ධිමත් දක්ෂ දරුවෙකු සමාජයට දායාද කිරිම සඳහා කැපවිම.

 පෙර පාසල තුලින් වන සේවය :-

  • ඉතා සහනදායි මුදලක් පෙර පාසල් ගාස්තු වශයෙන් අය කිරිම සහ අඩු ආදායම් ලබන පවුල් වල දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දිම.
  • පාදුක්ක දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි කාර්යාලය සමඟ සම්බන්ධවි පෝෂණ වැඩසටහනක් පවත්වා දෙමාපියන් දැනුවත් කිරිම.
  • පාදුක්ක ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සමඟ සම්බන්ධ වී දරුවන්ට දිනපතා නොමිලේ එලකිරි වීදුරුවක් ලබා දීම.
  • පාදුක්ක සිරි පියරතන කනිෂ්ඨ විද්‍යාලයේ දන්ත සායන වෙත පෙර පාසල් දරුවන් යොමු කිරිම.
  • මොරගහතැන්න ශ්‍රී මහා විහාරස්ථානය වෙත දරුවන් සහ දෙමාපියන් යොමු කර ආගමික වතාවත්වල යෙදවීමට කටයුතු කිරිම
  • සීතාවක ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන පෙර පාසල් සිටයල්ලම සම්බන්ධ කර පැවැත්වෙන ලෝක ළමා දින උත්සවය සහ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය සදහා අප පෙර පාසල් දරුවන් සම්බන්ධ කිරිම

පෙර පාසල සතු සම්පත්  :-  

 ඔංචිල්ලා 02 , ලිස්සන බෝට්ටුව සහ පිරමීඩය සහිත සෙල්ලම් මිදුල

දරුවන් 75 කට පමණ අධ්‍යාපනය ලැබීමට ඉඩ පහසුකම්  ඇති ජල විදුලිය සහිත පෙර පාසල් ගොඩ නැගිල්ල

බටහිර තුර්ය වාදක කණ්ඩායම සතු සංගීත භාණ්ඩ

වානේ අල්මාරි 03 , වානේ කබඩ් 01, ගුරුපුටු 03, ගුරු මේස 02 , ළමා පුටු 62 , ළමා ඩෙස් 13 , වතුර ෆිල්ටර් 02

පෙර පාසල් වාර්ෂික වැඩ සටහන්  :-   

  • ජනවාරි මස නවක දරුවන් පිළිගැනීමේ උත්සවය
  • පෙබරවාරි මස නිදහස් උත්සවය සැමරීම
  • මාර්තු මස දුම්රිය චාරිකාව (පාදුක්ක සිට අවිස්සාවේල්ල)
  • අප්‍රේල් අවුරුදු උත්සවය
  • වෙසක් පෝය සඳහා සිල් සමාදන් වීම
  • පොසොන් පෙරහැර සහ පෙර පාසල් දරුවන්ගේ භක්ති ගීත ගායනය
  • ජුලි මස දෙමාපියන් සහ දරුවන් සමග විනෝද චාරිකාව යාම
  • ලෝක ළමා දින උත්සවයට සහභාගී වීම
  • සිගිති පොළ පැවැත්වීම
  • වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය පැවැත්වීම

පෙර පාසල් කළමනාකාරීත්වය  :-   

  • ඩබ්.ඒ. ප්‍රියන්ති ජානකී (ප්‍රධාන ගුරුතුමිය)

ජාතික ළමා අධ්‍යාපන පදනම සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ පෙර පාසල් ගුරු ඩිප්ලෝමාධාරි

  • නදීකා රුවනි වැලිසර (සහය ගුරු 1)

ජාතික තරුණ සේවා සභාව ඩිප්ලෝමාධාරි

  • ඩී.ඩී.ටී. මධුෂිකා (සහය ගුරු 11 )

ජාතික තරුණ සේවා සභාව ඩිප්ලෝමාධාරි

පෙර පාසල් ගීතය

රජවරු සිටුවරු සැදී පුරයයි

කැළණි නදී දෙන කළ එළියයි

පුංචි අපේ සිත ඔද තෙද පුබුදන

පෙර පාසල් මවගේ දිරියයි

එඩිතරකම උරුමෙන් ලැබුණේ

සුරුවිරුකම් නුවණින් ලැබුණේ

අසමගිකම් නැත මේ සෙවණේ

සීතාවක පිපි පුරවරුණේ

රජවරු සිටුවරු ………

සිවු දිග සිට එක් වී එනවා

ජය නාදය පතුරාලනවා

ගුරු නුවණින් ජය පතුරනවා

සීතාවක පුර බබළනවා

පෙර පාසල් මව සුරකිනවා

සීතාවක පුර බබළනවා