බණ්ඩාරනායක නිදහස්  මහජන පුස්තකාලය – පාදුක්ක 

පුස්තකාල තොරතුරු

හැඳින්වීම

පුස්තකාලය

  • පුස්තකාලයේ නම                       :-       බණ්ඩාරනායක නිදහස් මහජන පුස්තකාලය
  • මැතිවරණ කොට්ඨාශය               :-       අවිස්සාවේල්
  • ආදායම් බල ප්‍රදේශය                   :-       පාදුක්
  • පාලනය                                     :-       සීතාවක ප්‍රාදේශිය සභාවේ පාදුක්ක උප කාර්යාල
  • පුස්තකාලය ආරම්භක වර්ෂය        :-       1960-10-03

ගොඩනැගිල්ල                            :-       (දෙමහල් ) ප්‍රමාණය වර්ග අඩි 2500 ට වැඩි

පුස්තකාල සම්පත්                       :-       පුස්තකාලයේ පොත්‍ එකතුව සඳහා පොත් 18226

(දැනුම අඩංගු මාධ්‍යය)                          (සිංහල,ඉංග්‍රීසි,දෙමළ)

කාලීන සගරා

  • Tim
  • News wee
  • Reader’s diges
  • පරිගණ
  • ක්‍රීඩ
  • මනහ
  • නව යුග
  • දෙසති
  • සුවය(සෞඛ්‍ය
  • මහාමේ
  • බුදු සුවද (ළමා)

පුවත් පත් (සිංහල,දෙමළ,ඉංග්‍රීසි)

දිනපතා   – 08

සතිපතා    – 10

සති අන්ත  -10

ප්‍රාදේශීය ඒකතුවක් ලෙස සීතාවක යුගය හා යුගය පිළිබද ලියවුනු පොත් පත් ඒකතුවක් ඇත.සීතාවක ප්‍රාදේශිය සභාව සහ බල ප්‍රදේශය පිළිබද ලියවුණු පුවත් පත් ඒකතුව

පුස්තකාල සම්පත් සංවිධානය      

සියළුම පුස්තකාල පොත් ඩිවිදශම වර්ගීකරණය අනුව වර්ගෙකාට සුචිගත කොට ඇත.(පුස්තකාල විද්‍යානුකුලව)000 -999 දක්වා වර්ග අංක අනුව රාක්කගත කර ඇත.බ්‍රවුන් ක්‍රමය යටතේ පොත් සංසරණය කරනු ලබයි.

ප්‍රලේඛණ සේවා යටතේ පහත සදහන් පුවත්පත් ලිපි ඒකතුවක් ඇත.ප්‍රාදේශීය තොරතුරු ලිපි ඒකතුවකෘෂිකාර්මික තොරතුරු ඒකතුව

දේශපාලන තොරතුරු ඒකතුව

ශ්‍රී ලංකා ඉතිහාස තොරතුරු ඒකතුව

පුරාවිද්‍යා පිළිබද තොරතුරු ඒකතුව

මැහුම් ගෙතුම් තොරතුරු ඒකතුව

රට රටවල තොරතුරු ඒකතුව

පරිසර ගෙවතු අලංකාරය තොරතුරු

වෛද්‍ය විද්‍යාව පිළිබද තොරතුරු ඒකතුව

සගරා ලිපි අනුක්‍රමික පරිග්‍රහන ලැයිස්තු ආදී ග්‍රන්ථ විඥාපන සේවා

ප්‍රධාන අංශ හා සේවා          :-          බැහැර දීමේ අංශය

  • විමර්ශන අංශය
  • ළමා අංශය
  • පුවත්පත් හා වාර සගරා කියවීම් අංශය
  • අධ්‍යන අංශය
  • විශේෂ ඒකතු ,ප්‍රාදේශීය ඒකතු
  • ජංගම පුස්තකාල සේවා

පුස්තකාල හදුන්වා දීමේ වැඩසටහන්

  • දැනුම මිනුම තරග
  • මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්
  • චිත්‍ර පුහුණු වැඩසටහන්
  • උපෙද්ශන සේවා
  • විවිධ විශයන් යටතේ තරග වැඩසටහන්
  • පොත් ප්‍රදර්ශන
  • සාහිත්‍ය තරග
  • අන්තර් පුස්තකාල දැනුම මිනුම තරග ආදී ව්‍යාප්ත සේවා

ප්‍රාදේශීය සභාව සතු අනෙකුත් පුස්තකාල හා ඒකතුව දැනුම මිනුම ,චිත්‍ර ,සාහිත්‍ය,නැටුම්,ජන ගී ගායනා ‍,ගද්‍ය,පද්‍ය ආදී වැඩසටහන් පවත්වාගෙන යාම.

පොත් පරිත්‍යාග ලබා ගැනීම.

මූලික ප්‍රජා තොරතුරු සේවා ලෙස රබර්, පොල් ,දුරකථන ආදිය පිළිබද අවශ්‍ය තොරතුරු සැපයීම.

රජයේ ගැසට් පත්‍රය හා පුවත් පත් වල පවතින තනතුරු ඇබෑර්තු යාවත්කාලීනව සටහන් කරන වයිට් බෝඩ් ඒකක් පවත්වා ගෙන යාම.

විවිධ රජ්‍ය ආයතන වල අත්‍යවශ්‍ය දුරකථන නාමාවලි ප්‍රදර්ශනය කිරීම.

පාඨක සංඛ්‍යාව                  :-          මුළු පාඨක සංඛ්‍යාව                 6715

වැඩිහිටි පාඨක සංඛ්‍යාව            4432

ළමා පාඨක සංඛ්‍යාව                2283

 

සාමාජිකත්වය ලබා ගැනීම    :-      පාදුක්ක උප කාර්යාල බල ප්‍රදේශයේ ස්ථිර පදිංචි / රජයේ රැකියාවක නියතු / පාසැලක අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආදීන් සඳහා සාමාජිකත්වය ලබා ගැනීමට සුදුසු වේ.

                                                    ආදර්ශ අයදුම් පත්

ළමා/වැඩිහිටි අයදුම්පත්‍ර පුස්තකාලයට පැමිණ හෝ අන්තර් ජාලය (භාගත කිරිම්) මගින් ලබා ගත හැකිය.

   සමාජික ගාස්තු

  • වැඩිහිටි –    රු. 51.00
  • ළමා –     රු. 30.60

සාමාජිකත්වය ලබා ගැනීමට ඇපකරු නොමැති අවස්ථා ඒ වෙනුවට මුදල් තැන්පත් වශයෙන්

ළමා සාමාජිකයෙකුට  රු.      500/-ක්ද,

වැඩිහිටි සාමාජිකයකුට රු. 1000/- ක් ද,

ගෙවා සාමාජිකත්වය ලබා ගත හැක.

සාමාජිකයින් පිළි පැදිය යුතු පොදු නීතී රීති

  

පුස්තකාලයට අයත් ව්‍යවස්ථාව

                                                                                     වර්ග අංකය …………….. ප්‍රවේශ අංකය ………..

බණ්ඩාරනායක නිදහස් පුස්තකාලය

ව්‍යවස්ථා හා රෙගුලාසි සම්පුර්ණයෙන්ම ඇතුළත්      ලේඛණයන් බලා ගැනීමට පමණක් ලබා ගත හැකිය.

බාහිර පාඨකයෙකුට ටිකට් පත් දෙකක් දෙනු ලැබේ. මෙයින් එක් වරකට පොත් දෙකක් ලබා ගැනීමේ අයිතිය ඔහුට පැවරේ.

බැහැර දෙන දින සිට දින 14ක් ඇතුලත ගෙන යනු ලබන පොතක් ආපසු භාර දිය යුතුය. දින දාහතරේ කාල සීමාව ඇතුළත යම් පොතක් පුස්තකාලයාධිපතිට ආපසු භාර දීමට සාමාජිකයකු අපොහොසත් වුවහොත් පොත භාර දීම ප්‍රමාද වන එක් එක් දවසකට රු. 1/- බැගින් වු දඩ මුදලක් ගෙවීමට ඔහු බැදී සිටිය යුතුය.

වෙන බාහිර පාඨකයෙකු විසින් ඉල්ලා නැත්නම් බැහැර දෙන ඕනෑම පොතක් පුස්තකලයාධිපතිගේ කැමැත්ත පරිදි තවත් දින 14කට හෝ ඊට අඩු කාලයකට හෝ දික් කරවා ගත හැකිය එසේ දික් කරවා ගැනීම පිණිස පුස්තකාලයට පොත ගෙන ආ යුතුය.

පොත් පත් බැහැර දෙන පුස්තකාලය පු.භා 8.30 සිට අ.භා. 16.15 දක්වා දිනපතා විවෘත කර තිබේ. රජයේ නිවාඩු දිනයන් හි සහ පුස්තකාල  අධිකාරින් තීරණය කර ගන්නා අන් ඕනෑම දිනයක හෝ දිනයන්හි පුස්තකාලය සම්පුර්ණයෙන්ම වසා තබනු ලැබේ.

බාහිර පාඨකයකු විසින් අන් කිසිම  කෙනෙකුට පොත් නොදිය යුතුයි. බෝවන රෝගයකින් පෙලෙන කිසිවෙකු පොත් බැහැර ගෙන නොගිය යුතුයි. බෝවන රෝගයකින් පෙලෙතියි තමන් දන්නා අන් කිසිවෙකුටද පුස්තකාලයේ කිසිම පොතක්  පාවිච්චි කිරිමට ඉඩ නොදිය යුතුයි.

පොත් බැහැර ගෙනයාමේ කාල සීමාව දින 14 කි.

ඊට වැඩි සෑම දිනක් සඳහාම දඩ මුදල් අය කර ගැනීම පහත ආකාරයට වේ.

  රු.       ශත

ළමා අංශය ප්‍රමාද ගස්තුව දිනකට                    .50

වැඩිහිටි අංශය ප්‍රමාද ගස්තුව දිනකට    1         .00

  දින 01 සිට 30 දක්වා පොතකට ප්‍රමාද ගාස්තු ඉහත සදහන් මුදල දින ගණනට අය කෙරේ.

                                                      දින 31 – 90 දක්වා 1 පොතකට     රු.   40/- ක්ද,

                                                     දින 91 – 180 දක්වා 1 පොතකට   රු.   80/- ක්ද

දින180 ට වැඩි පොතකට    රු. 100/- ක්ද

පුස්තකාල කළමනාකාරීත්වය    :-    දැනට තුන්වන ‍ශ්‍රේණියේ පුස්තකාලයක සිටින කාර්ය මණ්ඩලය

  • පුස්තකාලයාධිපති –  01  (II ශ්‍රේණිය)
  • පුස්තකාල කම්කරු – 02
  • ආදේශක කම්කරු –  02

                                               පුස්තකාල වේලාව

  • පෙ:ව 8.30 සිට
  • ප:ව 15  දක්වා

සතියේ දින හතම (රජයේ නිවාඩු දින හැර) විවෘත කර තබා ඇත.

පුස්තකාල කමිටු                      :-    වර්ෂ ගණනාවක සිට ඉතා ක්‍රියාශිලි පාඨක සමාජයක් ඇත. එමගින් සාහිත්‍ය උත්සව විවිධ තරඟ, දේශන හා පොත් ප්‍රදර්ශන පැවැත්වීම.

සංඛ්‍යා ලේඛනාත්මක තොරතුරු :- 

                                                             පුස්තකාලයට අදාල සියළු අංශයන් පිළිබදව සංඛ්‍යා ලේඛණ ගොනු පවත්වාගෙන යනු ලැබේ.

පොත් ඉවත් කිරිම                :-      මේ යටතේ වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයේ නිර්දේශය මත පොත් ඉවත් කිරිම් කටයුතු සිදු කරනු ලබයි.

සංඛ්‍යාන තොරතුරු

දත්ත

Toggle Content goes here

පිංතූර එකතුව

Toggle 1

Toggle Content goes here