කසළ කළමනාකරණෙය්දී සම්පත් භාවිතය

 මානව සම්පත් භාවිතය

නියුතු කාර්යය

සේවක සංඛ්‍යාව

මාර්ග වල කසළ රැස් කිරීම

53

දිරන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය

06

නොදිරන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය

10

එකතුව

69

මිනිස් ශ්‍රම සම්පත් ප්‍රශස්ථ ලෙස භාවිතය සඳහා උපාය මාර්ග

  1. කසල එකතු කිරීම සඳහා යොදා ඇති සේවයට වාර්තා කිරීමට ලබා දී ඇත්තේ පෙ.ව.6.00 එය තුලින් ප්‍රශස්ථ සේවයක් ලබා ගත හැක.
  2. ආදේශක සේවකයින් බඳවා ගැනීම.
  3. සේවකයන් අතර තරඟකාරිත්වයක් ඇති කිරීම.
  4. නිරන්තර සේවකයන් සමීප සුපරීක්ෂණයට ලක් කිරීම.
  5. සේවක දිරිගැන්වීම.
  6. සුභසාධන කටයුතු ඉහළ මට්ටමක පවත්වාගෙන යාම.
  7. ශ්‍රම විශේෂීකරණයට පත්වූ සේවකයන්ට අදාල කාර්යය තුලම රාජකාරි කිරීමට යොමු කරවීම.
  8. සේවකයන් හට ඉලක්ක ලබා දීම. (දෛනිකව වර්ගීකරණය කළ යුතු කසළ ප්‍රමාණය සහ ආවරණය කළ යුතු ප්‍රදේශ ලබා දීම)
  9. ස්වයං වාර්තාකරණයට සේවකයන් යොමු කිරීම්‍
  10. සෞඛ්‍ය පරීක්ෂණ වලට සේවකයන් යොමු කිරීම
  11. දැනුවත් කිරීමේ පුහුණූ වැඩසටහන් සංවිධෘනය කිරීම
  12. මුඛ ආවරණ, අත් ආවරණ, බූට්ස් ඕව් රෝල් ආදිය ලබා දීම

භෞතික සම්පත් භාවිතය

  1. දිරන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය නොදිරන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය සීතාවක ප්‍රාදේශිය සභාව සතු භූමි යොදා ගනී.
  2. ප්‍රමාණවත් ලෙස වාහන යොදා ගැනීම
වාහන ප්‍රමාණය
ට්‍රැක්ටර් 05
බැකෝ ලෝඩර් 01
කම්පැක්ටර් 01
අත් කරත්ත 15

භෞතික සම්පත් ප්‍රශස්ථ ලෙස භාවිතය සඳහා උපාය මාර්ග

  1.  හිරු එළිය හා වාතාශ්‍රය ඉතා හොඳින් ලැබෙන පරිදි ස්ථානය ඉඳි කිරීම.
  2. ඉන්ධන පිරිමැසීම සඳහා ට්‍රැක්ටර් වෙනුවට අත් කරත්ත යොදා ගැනීම.
  3. පොහොර යන්ත්‍රානුසාරයෙන් හලා ගැනීමේ යන්ත්‍රය භාවිතා කිරීමට පෙර අත් සැල් අඩයෙන් පොහොර හලා ගැනීම.
  4. පොලිතීන් බේල්කිරීමේ යන්ත්‍රයට නිරන්තරයෙන් ක්‍රියාත්මක කිරීම වෙනුවට දිනකට වරක් පමණක් ක්‍රියාත්මක කිරීම.
  5. බලශක්තිය යොදා ගැනීම වෙනුවට හැකි සෑම අවස්ථාවකම මිනිස් ශ්‍රමය යොදා ගැනීම.
  6. කාලසටහනකට අනුව කසල එකතු කිරීමේ රථ ගමන් කිරීම.
  7. කසල වර්ගීකරණය කර (දිරින හා නොදිරන) කසල එකතු කිරීමේ රථ වෙත ලබා දෙන ලෙස මහජනයාව දැනුවත් කර තිබීම.
  8. මිනිසුන් සංචරණය පහසුවෙන් කළ හැකි වන පරිදි බිම් සැකස්ම සැකසීම.
  9. වාහන සහ අත් කරත්ත පහසුවෙන් ළගා විය හැකි පරිදි පිවිසුම සකස් කිරීම.
  10. දිනපතා නිසි පිරිසිදු කිරීම් සිදු කිරීම.
  11. කසල බැහැර කිරීම් නිසි පරිදි සිදු කිරීම.
  12. මැසි මදුරුවන් බෝ නොවීමට අවශ්‍ය පියවර ගැනීම.
  • කසළ රැස් කරන අවස්ථාවේදීම දිරන කසළ හා නොදිරන කසළ ලෙස වෙන්කිරීම.

 ප්‍රමාණයෙන් 208.3km2සීතාවක ප්‍රදේශය සභා බල ප්‍රදේශය ඝන අපද්‍රව්‍ය කළමණාකරනය සඳහා ප්‍රධාන වශයෙන් කොටස් 03 කට වෙන් කර ඇත.

  • කොස්ගම
  • පාදුක්ක
  • හංවැල්ල

මෙම ප්‍රදේශයේ 03 හි පිහිටා ඇත. උප කාර්යාල මඟින් අදාල ප්‍රදේශයේ නාගරික සීමාව තුල ඝන අපද්‍රව්‍ය එක් රැස් කිරීම මංමාවත් පිරිසිදු කිරීම සිදු කරනු ලබයි. දෛනිකව පිරිසිදු කිරීම සඳහා ලබා දී ඇති පිරිසිදු කිරීමේ කාලසටහනක් අනුව මංමාවත් වල ඒකරාශී වී ඇති කසල එකතු කරනු ලබයි. මේ සඳහා යොදාගනු ලැබ ඇති සම්පත් පහත පරිදි වේ.

ට්‍රැක්ටර්

අත් කරත්ත

මිනිසුන්

හංවැල්ල

2

02

17

පාදුක්ක

1

03

10

කොස්ගම

1

02

17

සතියකට වරක් අපද්‍රව්‍ය කළමණාකරනය අංශය මඟින් ශබ්ද විකාශන යන්ත්‍ර 0 හරහා අපද්‍රව්‍ය වර්ගීකරණය ලබා දෙන ලෙසත්, ( දිරන හා නොදිරන ලෙස) අපද්‍රව්‍ය එකරාශී කරනු ලබන කාල සීමාව පිළිබදවත් මහජනයා දැනුවත් කිරීම සිදු කරයි.

ඝන අපද්‍රව්‍ය  දිරන හා නොදිරන ලෙස වර්ගීකරණය කර කසළ රැස් කරන වාහන වෙත ලබා ගැනීම. එසේ වර්ගීකරණය කර නොතබා ඇති කසළ බහාලන අදාල නිවස හෝ ආයතනය ඉදිරිපිටදීම වර්ගීකරණය කර ලබා ගැනීම. සෑම අවස්ථාවකදීම දිරන හා නොදිරන කසළ වර්ග දෙකම වාහනය තුල වර්ගීකරණය කර තබා ගැනීම.

  • තම නිවෙස් තුළදීම ඝන අපද්‍රව්‍ය කළමණාකරණය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම.

සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ දෛනිකව ජනනය වන කසළ ප්‍රමාණය ටොන් 06 ක් පමණ වන අතර කොම්පෝස්ට් අංගනය තුළ දිනකට කළමණාකරණය කල හැකි වන්නේ කසළ ටොන් 1.5 ක ප්‍රමාණයක් පමණි. එබැවින් නාගරික ප්‍රදේශ වලින් රැස් කරන කැළි කසල ප්‍රමාණය අවම කර ගැනීම සඳහා, තම නිවෙස් වලින් ජනනය වන දිරන කසල වලින් කොම්පෝස්ට් නිපදවා ගැනීම සඳහා කොම්පෝස්ට් බඳුන් නොමිලේ බෙදා දීම සිදු කරනු ලබයි.

හංවැල්ල, කොස්ගම හා පාදුක්ක යන ප්‍රදේශ වල නාගරික ජනතාව හට කොම්පෝස්ට් බඳුන් 1000 ක් මේවන විට බෙදා දී ඇත. ඒ අනුව දෛනිකව ජනනය වන කසළ ප්‍රමාණය ටොන් 02 කින්, මාසිකව ගත් කළ ටොන් 60 කින් අඩු වී ඇති බව නිරීක්ෂණය වී ඇත.

  • මහජනයා දැන්වත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම

  1.  පවිත්‍ර ගංගා ව්‍යාපෘතිය යටතේ කැළණි ගං ඉවුර ආරක්ෂා කිරීම පිළිබඳ දැන්වත් කිරීමේ වැඩසටහන්
  2. ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  3. කොම්පෝස්ට් බඳුන් බෙදා දීම හා ඒ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන
  4. විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන යටතේ විද්‍යුත් අපද්‍රව්‍ය පිළිබඳ භාවිතය දැනුවත් කිරීමේ වැඩසටහන
  5. දිය ඇළි සංරක්ෂණය කිරීමේ හා ව්‍යාපෘතිය ආරක්ෂා කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන‍
  6. තකකුරා කොම්පෝස්ට් ව්‍යාපෘතිය හා ඒ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන
  7. ජීව කොටු සංකල්පය හා ඒ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන
  • කසළ අවසන් බැහැර කිරීමේ ස්ථානය

දිරන අපද්‍රව්‍ය කසල ඒකකයෙන් හා නොදිරන අපද්‍රව්‍ය කසල ඒකකයෙන් ප්‍රතිචක්‍රීකරනය කිරීම් වලට භාජනය කර නොහැකිව ඉතිරි වන අපද්‍රව්‍ය පෞද්ගලික ඉඩම් හිමියන්ගේ අවසරය මත ඉඩම් ගොඩ කිරීම සඳහා යොදා ගනු ලබයි.