සෞඛ්‍ය හා පරිසර කටයුතු

ඉටු කරනු ලැබූ සේවා

  • ඩෙංගු උපදෙස් පත්‍රිකා මුද්‍රණය කර ඛෙදා හැරීම.
  •  ප්‍රධාන මාර්ග වලට සමිබන්ධ වන කාණු හා වැසි ජලය ගලා නොයන ලෙස අවහිරව තිබූ කාණු ජල බස්නා ලෙස සකස් කර මදූරු මර්ධනය කිරීම.
  • හංවැල්ල ජල කාණු පව්ත්‍ර කිරීම.
  • මදූරු මර්ධන වැඩසටහන් හංවැල්ල, කොස්ගම, පාදුක්ක, කහහේන, පහත්ගම, පුවක්පිට්ය, කලුඅග්ගල යන ප්‍රදේශ වල ක්‍රියාත්මක කිරිම.
  • ක්ෂය රෝග මර්ධන වැඩසටහන. (පාසල් හා ග්‍රාමීය මට්ටමින්)
  • සභාවේ සෞඛ්‍ය කමිකරුවන්ගේ රෝග පරීක්ෂා කර එන්නත් ලබාදීමේ සෞඛ්‍ය සායන (අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියත් සමග පරිසර මිතුරෝ වැඩසටහන යටතේ) පැවැත්වීම.
  • ජල භීතිකා මර්ධනය සඳහා සුනඛයින් එන්නත් කර කරපට් ලබා දීම යනා දී සේවා සිදූ කරන ලදි.
  • රෝග නිවාරන කටයුතු සඳහා රු. ද, ගංවතුර ආධාර ලබා දීම ආපදාවන්ට ලක් වූවන්ට සෞඛ්‍ය සායන පවත්වා ‍ඖෂධ ලබා දීම, ආහාර සාමිපල් පරීක්ෂා කිරීම සඳහා රු. ක මුදලක් ද වැය කරන ලදි.