ආදාහනාගාර වෙන් කරවා ගැනීම

සීතාවක ප්‍රාදේශීය සභාව සතු ආදාහනාගාර 03 ක් ඇත.

  •  ගලගෙදර ආදාහනාගාරය
  •  සුදුවැල්ල ආදාහනාගාරය
  •  තුන්නාන ආදාහානාගාරය

ආදාහනාගාරයේ ආදාහනයක් කිරිම සඳහා අයදුම්පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු ලියවිලි පහත පරිදි වේ.

  1. මියගිය තැනැත්තා සහ ඉල්ලුම්කරු අතර ඇති සම්බන්ධකම තහවුරු කිරිම සඳහා
    • ඉල්ලුම්කරුගේ විවාහ සහතිකය හෝ
    •  ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතිකය හෝ
    •  මියගිය අයගේ උප්පැන්න සහතිකය හා
    • මියගිය තැනැත්තා පදිංචිව සිටි ග්‍රාම සේවා කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි විසින් නිකුත් කරන ලද සහතිකයක් (අනිවාර්ය වේ.)
  2. මරණ සහතිකයේ මුල් පිටපත පරික්ෂා කිරිම සදහා ඉදිරිපත් කළ යුතු අතර මරණ සහතිකය අනිවාර්ය වේ. එහි සුදුවැල්ල ආදාහනාගාරයේ සිදු කරන බව සදහන් විය යුතුය. (මරණ සහතිකයේ පිටපත් 2 ක්)
  3. ඉල්ලුම්කරුගේ හා මියගිය අයගේ ජාතික හැදුනුම්පතෙහි පිටපත් 2 බැඟින් (මියගිය අයගේ ජාතික හැදුනුම්පත නොමැති නම් හදුනාගැනීමේ ඡායා පිටපතක් ඉදිරිපත් කළ යුතුය.)
  4. රෝහලෙහි පොදු ආකෘති පත්‍රය 8,16,18 හෝ 20
  5.  බලපත්‍ර ගාස්තුව,
    •  බල ප්‍රදේශය සඳහා      රු. 6000/-
    •  බල ප්‍රදේශයෙන් පිටත රු. 7000/-