Establishment

Iv (ආ) කොටස – ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති ව්ශේෂ ගැසට් පත්‍රය 1987.05.12

(3) මෙම නියමයේ (1) වන ඡේදය යටතේ ප්‍රකාශයට පත් කරන ප්‍රාදේශීය සභා ප්‍රදේශය සඳහා ප්‍රාදේශීය සභාවක් සංස්ථාපනය කොට ඒ ප්‍රාදේශීය සභාවට පහත සඳහන් නාමය පවරම්.

“සීතාවක ප්‍රාදේශිය සභාව”

(4) සීතාවක ප්‍රාදේශීය සභාව සභාපතිවරයෙකු, උප සභාපතිවරයෙකු සහ තවත් තෝරා පත්කරගත් සභිකයන් ව්සි දෙනෙකුගෙන් සමන්ව්ත ව්ය යුතු යැයි නියම කරම්.

ආර්. ප්‍රේමදාස,

පළාත් පාලන හා නිවාස ඉදිකිරීමි අමාත්‍ය,

1987 මැයි මස 11 වන දින,

බත්තරමුල්ලේදීය.

උපලේඛණ

I වන කොටස

පහත සඳහන් ග්‍රාමසේවා නිළධාරී කොට්ඨාශ වලින් සමන්විත භූමි ප්‍රදේශය

452)කනම්පැල්ල, 426)තාවල්ගොඩ, 427) පහළ කොස්ගම, 428) ඉහළ කොස්ගම, 429) ඇස්වත්ත, 430) කඩුගොඩ, 434) අකරවිට,435) කහටපිටිය, 436)කලුඅග්ගල 437) මාවල්ගම, 438) නිරිපොල, 439) දිද්දෙණිය, 440) නෙලුවත්තුඩුව, 441) මාඹුල/ කහහේන, 442) වැලිකන්න, 443)ඉහළ හංවැල්ල, 444) තුන්නාන, 444ඒ)මාවතගම, 445)පහළ හංවැල්ල, 452) ගලගෙදර, 453)පිටුම්පේ, 454) උග්ගල්ල,455)වේරගල, 456)පින්නවල, 457) වග නැගෙනහිර, 457ඒ) වග බටහිර,458)උඩගම, 459)බෝපේ, 460)අරුක්වත්ත,461)පාදුක්ක, 461ඒ) අංගමුව,466)මීරියගල්ල, 467)මලගල, 468) යටවතුර.

11 වන කොටස

ප්‍රාදේශීය සභාවේ පරිපාලන සීමා

උතුරට : ආටිගල ග්‍රාමසේවා කොට්ඨාශයේ    නැගෙනහිර මායිම කැළණිගඟ මධ්‍ය රේඛාව හමුවන ලක්ෂයෙන් පටන්ගෙන එතැන් සිට නැගෙනහිරට හැරී එකී මධ්‍ය රේඛාව දිගේ සැ. 12.5ක එම රේඛාව අවිස්සාවේල්ල නගර සභාවේ උතුරු මායිම ආරම්භ වන ලක්ෂ්‍යය දක්වා

නැගෙනහිරට: අවසන් වරට සඳහන් කරන ලද ලක්ෂ්‍යෙයන් පටන් ගෙන දකුණට හැරී අවිස්සාවේල්ල නගර සභාවේ බස්නාහිර  මායිම දිගේ සැ. 14.25 ක් එකී මායීමට එහි දකුණු මායිම හමුවන ලක්ෂ්‍යය දක්වාද, එතැන් සිට නැගෙනහිරට හැරී එම මායීම දිගේ සැ. 1.5 ක් එකී මායිම සබරගමුව පළාතේ මායිම හමුවන ලක්ෂ්‍යය දක්වාද   එතැනින් දකුණට හැරී සබරගමුව මායීම දිගේ සැ. 5.5 ක් එම මායිම කළුතර දිස්ත්‍රික්කයේ උතුර දිස්ත්‍රික් මායිම හමුවන ලක්ෂ්‍යය දක්වා

දකුණට :අවසාන වරට සඳහන් කරන ලද ලක්ෂ්‍යයෙන්  පටන්ගෙන බස්නාහිර දිශාවට හැරී කළුතර දිස්ත්‍රික්කයේ උතුර දිස්ත්‍රික් මායිම දිගේ සැ. 6.25 ක් එකී මායිම ලියන්වල ග්‍රාමසේවා නිලධාරී කොට්ඨාශයේ නැගෙනහිර මායිම හමුවන ලක්ෂ්‍යය දක්වා

බස්නාහිරට : අවසන් වරට සඳහන් කරන ලද ලක්ෂයෙන් පටන්ගෙන උතුර දෙසට හැරී ලියන්වල ග්‍රාම නිළධාරී කොට්ඨාශයේ නැගෙනහිර මායිම දිගේ සැ.2 ක් එකී මායිම වටරැක ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ නැගෙනහිර මායිම හමුවන ලක්ෂයටද, එතැන් සිට එකී මායීම දිගේ සැ. 1.5 ක් එම මායිම මීගොඩ ග්‍රාම සේවා නිලධාරී කොටිඨාශයේ නැගෙනහිර මායිම හමුවන ලක්ෂයටද, එතැන් සිට එකී මායීම දිගේ සැ. 1.5 ක් ආටිගල ග්‍රාම සේවා නිළධාරි කොට්ඨාශයේ නැගෙනහිර මායිම හමුවන ලක්ෂයටද, එතැන් සිට එකී මායිම දිගේ සැ. 1.5 ක් ආරම්භක ලක්ෂය දක්වා

5- 302/ 3

එල්ඩී-බී 2/87

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත – නියමය 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 2වන වගන්තියේ (1)වන උප වගන්තියේ සහ 4වන වගන්තියේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය රණසිංහ ප්‍රේමදාස වන  මම, මෙම නියමයෙන්

1) මෙමඋපලේඛණයේ 1වනකොටසේ විස්තර කරන ලද ප්‍රදේශය එකී පනතේ කාර්යය සඳහා ප්‍රාදේශීය සභා ප්‍රදේශයක් විය යුතු යැයි ප්‍රකාශ කරමි.

2) එම උප ලේඛණයේ 11 කොටසේ දක්වා ඇති සීමා ප්‍රාදේශීය සභා ප්‍රදේශයේ පරිපාලන සීමා ලෙස ප්‍රකාශ කරමි.

3) මෙම  නියමයේ 1 වන ජේදය යටතේ ප්‍රකාශයට පත් කරන ප්‍රාදේශීය සභා ප්‍රදේශය සඳහා ප්‍රාදේශීය සභාවක් සංස්ථාපනය කොට ඒ ප්‍රාදේශීය සභාවට පහත සඳහන් නාමය පවරමි.

“සීතාවක ප්‍රාදේශිය සභාව”