සීතාවක ප්‍රාදේශීය සභාව සතු හංවැල්ල නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාවේ

 

ආයුර්වේදය පිළිබඳ හැදින්වීම  

රෝගීන්ට ප්‍රතිකාර කිරීම, රෝග වලක්වා ගැනීම පිළිබඳ උපදෙස් දීම, නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන ආකාරය පිළිබඳ දැනුවත් කිරීම, යනාදිය සිදු කරනු ලබයි.

සපයන සේවාවන්

  1. රෝගීන් පරික්ෂා කිරීම,
  2. ඖෂධ ලබා දීම ,
  3. රෝග වලක්වා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දීම,
  4. රෝග නැවත වැලදීම වැලැක්වීමට අවශ්‍ය උපදෙස් ලබා දීම,
  5. යහපත් මානසික තත්වයක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීම.

රෝගීන් පැමිණෙන සංඛ්‍යාව

දිනකට රෝගීන් 50 ක් පමණ

මසකට රෝගීන් 1200 ක් පමණ

ආයුර්වේද කළමනාකාරීත්වය

ආයුර්වේද වෛද්‍ය ටී.ඒ.එස්.සී. ජයතිලක මිය

සේවකයන් සංඛ්‍යාව 03 යි

පවත්වන වැඩසටහන් පිළිබඳ විස්තර

පහසුකම් අඩු ගම්මාන වලට ගොස් ජංගම සායන පැවැත්වීම

ආයුර්වේද ඔසු උයන පිළිබඳ විස්තර

තිබෙන සුළු ඉඩ ප්‍රමාණයේ ඖෂධ වගා කර ඇති අතර එහි

නික,  කොහොඹ,  ඇහැල ,  පාවට්ටා,  හීන් අරත්ත,  කටු කරඩු ,  අවරිය ,  ගොනිකා,  කිරිවැල්, තිරස්සවාලු, කහට , ඇට්ටේරිය,  සැවැන්දරා,  දැත්ත , අඳුකොළ,  ඉඟුරු,  අමුකහ,  ඔළිද , තිප්පිලි,  කොල්ලං, කිරාතතිත්ත,

ආදී ඖෂධ පැල වර්ග වවා ඇත. ඒවා නිසි අයුරින් පවත්වාගෙන යයි.

ආයුර්වේදය පවත්වාගෙන යන දිනයන් සහ වේලාවන්

සතියේ දින ප්‍රතිතකාර කරන ‍වේලාවන් පෙ.ව.9.30 සිට   ප.ව 3.30 දක්වා

සෙනසුරාදා දිනවල                              පෙ.ව.9.30 සිට   මධ්‍යහන 12.00 තෙක්

ආයුර්වේදය සතු සම්පත්

වෙද නලාව , රුධිර පීඩන මානය, බර කිරන තරාදිය, උන කටුව, බෙහෙත් මනින බීකර් ,    දුරකථනය , විදුලි පංකා

ආයුර්වේද මඟින් සිදු කරනු ලබන විශේෂ ප්‍රතිකාර ක්‍රම

 සීතාවක ප්‍රාදේශීය සභා හංවැල්ල ආයුර්වේද බෙහෙත් ශාලාවේ සායනය

ශාලක්‍යසායනය

ශාලක්‍ය චිකිත්සාව කෙටියෙන් හඳුන්වා දීම.  :-

හිස, කන, නාසය, ගෙල (උගුර) හා මුහුණ ආශ්‍රිතව එනම් දශරුවෙන් ඉහළට සිදුකරන ප්‍රතිකාර ක්‍රමයක් ලෙස කෙටියෙන් හඳුන්වා දිය හැකිය. මෙම රෝග හඳුනා ගැනීම සඳහාද රෝග පරික්ෂාවට සියුම් උපකරණ අවශ්‍ය වෙයි.

මෙම රෝග සඳහා ඖෂධ වර්ග පානයට මෙන්ම පංචකර්ම ප්‍රතිකාර වලින් නස්‍ය කර්ම සිදුකිරීම තෛල වර්ග හා චූර්ණ (කුඩු) ඇසුරින් සිදුකරයි.ධූම, ස්වේද වර්ග මඟින් තවදුරටත් මෙම ප්‍රතිකාර සම්පූර්ණ වෙයි. රක්තමෝක්ෂණ ක්‍රම වලින් මෙම සායනය තුළ කූඩැල්ලන් ඇල්ලීම සිදුකරයි.

කූඩැල්ලන් ඇල්ලීමේ ප්‍රතිකාර ක්‍රමය විශේෂයෙන්ම පාදවල නහර ගැට ගැසීම, මුහුණ ආශ්‍රිතව පවතින ව්‍යංග රෝගය සඳහාද, චර්ම රෝග සඳහාද සිදුකරයි. ඇස් ආශ්‍රිතව අක්ෂි පීඩනය (අයිමන්ට්) සඳහාද මෙම ක්‍රමය වඩාත් සුදුසු වේ.

එසේම ඇස් ආශ්‍රිතව පෙනීමේ දුර්වලතා සඳහා (අක්ෂි පරික්ෂාවෙන් අනතුරුව) අක්ෂි තර්පන නමින් ප්‍රතිකාර ක්‍රමයක්ද ඉදිරියේදී සිදුකිරීම සඳහා පවතින සායනික පහසුකම් වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වෙයි.