අනතුරුදායක ගස් ඉවත් කිරීම
- අනතුරුදායක ගස සම්බන්ධයෙන් ග්‍රාම නිළධාරි සහතිකය සමග සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රයක් සභාවට ලබා දීම.
- අදාළ ගස සම්බන්ධයෙන් ස්ථාන පරීක්ෂාවක් සිදුකර තාක්ෂණ නිළධාරින් වාර්තාවක් ලබා දීම.
- තාක්ෂණ නිළධාරින්ගේ වාර්තාව අනුව ගස අයිතිකරුට එය ඉවත් කර ගන්නා ලෙස නිවේදන 03 කින් දැන්වීම.
- අදාළ අයිතිකරු ගස ඉවත් කර නොගන්නේනම් සභාව මැදිහත් වී ගස කැපීම සිදු කිරීම.
| කාර්යය | වගකීම | කාලය | |
|---|---|---|---|
| 1 | අනතුරුදායක ගසක් ඉවත් කරන ලෙස ඉල්ලා ලිඛිත ඉල්ලීමක් ලබා දීම | ඉල්ලුම්කරු | |
| 2 | ඒ අනුව ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදු කිරීම | ආදායම් පරිපාලක/ තාක්ෂණ නිලධාරී | දින 02 |
| 3 | පරීක්ෂාවෙන් පසුව වාර්තාවක් ලබා දීම | ආදායම් පරිපාලක/ තාක්ෂණ නිලධාරී | දින 02 |
| 4 | එම වාර්තා අනුව අදාල ගස ඉවත් කර ගන්නා ලෙස ගස අයිතිකරුට ලිඛිතව දන්වා සිටීම | විෂය කළමනාකරණ සහකාර | දින 03 |
| 5 | ගස හිමිකරු වෙත දැනුම් දීමට කටයුතු නොකරන්නේ නම් සභාව විසින් අනතුරුදායක ගස ඉවත් කර වටිනාකම පැමිණිලිකරුගෙන් අයකර ගැනීම | ගරු සභපතිතුමා | දින 02 |
| 6 | එසේ නොගෙවන්නේ නම් නීත්‍යානුකූලව කටයුතු කිරීම | විෂය කළමනාකරණ සහකාර |
