පිටුම්පේ නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව

ඉමහත් ඉපැරණි කටු චිකිත්සා ප්‍රතිකාර ක්‍රමය මඟින් සුවහසක් රෝගීන්ගේ රෝග සුවකිරීම ඈත අතීතයේ සිටම සිදුවුනි. කටුවක් උපයෝගී කර ගෙන නිල ස්ථාන උත්තේජනය කිරීම මඟින් රෝග සුවකිරීම මෙම ක්‍රමයේ විශේෂත්වයයි. මෙහිදී ඖෂධ භාවිතා නොවීම ඉතා වැදගත්ය.

දැනට සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් පිටුම්පේ නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාවේ මෙම කටුචිකිත්සා ප්‍රතිකාර සායන කිසිදු අය කිරීමකින් තොරව නොමිලේ පැවැත්වේ.

ඕනෑම රෝගයක් සඳහා කටුචිකිත්සා ප්‍රතිකාර සිදුකල හැක. විශේෂයෙන්ම ආතරයිටිස් ආදී සන්ධිගත රෝග, සමේ රෝග, අංශභාග රෝග, කොන්දේ වේදනා, අතිස්ටොලස්තාව, කෙස් ගැලවීයාම, ස්නායු රෝග, කුරුලෑ, වන්ද්‍යාභාවය, මන්ද මානසික ළමා රෝග, අතපය හිරිවැටීම්, මධු මේහය, කොරෙස්ටරෝල්, අධි රුධිරපීඩනය , මානසික රෝග පමණක් නොව පිලිකාවලට පවා ප්‍රතිකාර ලබාගත  හැක.

මීට අමතරව දිය කූඩැල්ලන් මගින් රෝග සඳහා ප්‍රතිකාර  ලබා දීමට සහ සර්වාංග රෝග සඳහා ආයූර්වේද ප්‍රතිකාර පිටුම්පේ නිදහස් ආයූර්වේද බෙහෙත් ශාලාව මගින් ලබාගත හැක.